(යොහාන් භාසුර)
‘කොවිඩ්’ රෝගය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ කිරීමට රෝහල් මට්ටමින් මේ වන විට ක්‍රියාත්මක වන ක්‍රමය පිළිබඳව සෑහීමකට පත්නොවන බවත් රෝහල්වලට පැමිණෙන ‘කොවිඩ්’ රෝග ලක්ෂණ සහිත හෝ වෛද්‍යවරු කොවිඩ් රෝගීන් යැයි අනුමාන කරන රෝගීන් පිළිබඳව පරීක්ෂණ කිරීමේ පහසුකම් සහ පරීක්ෂණ ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් නිශ්චිතව නොමැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.
‘කොවිඩ්’ පමණක් නොව ඕනෑම රෝගයකදී අනුමාන කරන රෝගයට අදාළ වෛද්‍ය පරීක්ෂණයක් කිරීම සාමාන්‍ය තත්වයක් වුවද ‘කොවිඩ්’ සඳහා පමණක් එය එලෙස ක්‍රියාත්මක නොවීම ගැටලුසහගත බවත් කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් නියැදි පරීක්ෂාවක් කරන ලද බව සඳහන් වන නමුත් එමගින් ගත් නිගමනය පමණක් රටට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඒ මහතා කීය.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා මේ පිළිබඳව දන්වමින් සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ.

