(යොහාන් භාසුර)
රට මුහුණ දී සිටින තීරණාත්මක අවස්ථාවේ ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කිරීමට කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරන්නේ යැයි හෙට (08) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන ලෙස ආරාධනා කළ ජනාධිපති, අගමැති සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු සමස්තයටම ස්තූතිය පළකරන බවත් ඉදිරි කටයුතු සඳහා සියලු දෙනාගේ ආශීර්වාදය සහ සහයෝගය බලාපොරොත්තු වන බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ වර්තමාන තත්වය කළමනාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගෙන යන අප්‍රතිහත උත්සාහයන් ශක්තිමත් කිරීමට කැපවන බවය.
බැසිල් රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය සටහනකින් එසේ පවසා තිබේ.

