‘කොකේන්‘සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු


( ටී.කේ.ජී.කපිල )

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි .

මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන , ඒවා කාඩ්බෝඩ් මත අලවා , ඒවා මත කළු පැහැති කඩදාසි අලවා , එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි .