‘කුෂ් ‘ සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු


(ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා " කුෂ් " මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන පැමිණි විදේශීය ගුවන් මගී කාන්තාවක්  අද(26)  කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය 38 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි .

ඇය තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන හොංකොං නුවරට ගොස් එතැන් සිට  කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ , රසකැවිළි අඩංගු පැකට් කීපයක් තුළ , මෙම " කුෂ් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 200 ක ප්‍රමාණය සගවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .