
(ටී.කේ.ජී.කපිල )
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත් අඩංගුවේ පසුවන සළිදු මල්ෂික කුඩු සළිදු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් "පියුමා " නැමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු ඩුබායි හී දී විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන අද(15) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ .
මොහු කුඩු සළිදු වෙනුවෙන් ඩුබායි හි රැදී සිට මෙරට කුඩු ජවාරම මෙහෙයවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීවරයෙකු මේ පිළිබඳ විමසීමක දී පැවසීය .
මොහු අද අලුයම 04.50 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

