‘ඔන් මැක්ස්‘ ලොක්කෙකුගේ කෝටි දෙකක දේපොළ තහනමට


(රෝෂන් තුෂාර)

රුපියල් කෝටි 500කට අධික මුදල් වංචා කළේ යැයි කියන  " ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ  සැකකාර අධ්‍යක්ෂවරයකු ගේ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් දේපළ තහනමට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය.

ඔන් මැක්ස් සැකකරුවන්ගේ සියලු දේපළ වහාම අත්පත් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කළ නියෝගය ප්‍රකාරව රහස් පොලිසිය මගින් අනාවරණය කරගත් අත්තනගල්ලේ පිහිටි අක්කර දෙකහමාරක ඉඩමක් මෙසේ තහනමට ලක් කළේය.

අදාල නියෝගය අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට යොමු කරන ලෙසද මෛහේත්‍රාත්වරයා දන්වා සිටියේය.  සැකකාර අධ්‍යක්ෂකවරුන් ජනතාවගෙන් වංචා කරමින් ලබා ගත්තේ යැයි කියන මුදල්  මගින් දේපළ මිලදී ගැනීම් හා එම මුදල් විවිධාකාරයෙන් ආයෝජනය කර තැන තැන හංගා ඇති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය පසුගිය නමවැනි දින නිකුත් කළේය.