(නාලක සංජීව දහනායක)
එක්සත් ජාතික පක්‍ෂය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් මුස්ලිම් ප‍්‍රජාව ප‍්‍රයෝජනයට ගනිමින් සිටින බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (11) පැවැසීය.
මේ මොහොතේදී මුස්ලිම් ජනතාවටද හීලෑකරගත හැකි ආණ්ඩුවක් අවශ්‍යව තිබෙන බව කී විපක්‍ෂනායකවරයා මෙම සුසංයෝගයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුමක් නොලැබෙන බවද කීය.
‘පාස්කු ඉරුදින එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ පසුකම්පනය’ මැයෙන් කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායක නිල නිවසේදී අද (11) දේශනයක් පවත්වමින් විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

