(අංජුල මහික වීරරත්න)
බියක් සැකක් නැතිව ඇත්ත කියන සෞඛ්‍ය නිලධාරීන් තනතුරු වලින් ඉවත් කර වැඩ බැරි අය ඒ තැනට පත් කිරීමෙන් කොරෝනා මර්දනය කළ හැකිදැයි බරපතළ ප්‍රශ්නයක් මතුව තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා මරණ වාර්තා සකසන්නේ රෝහල් සහ සෞඛ්‍ය නිලධාරී කාර්යාල දෙන දත්ත අනුව යැයි ද වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී සුදත් සමරවීර මහතා තනතුරෙන් ඉවත් කිරීම ප්‍රශ්නයට විසඳුමක් නොවේ යැයි ද රත්නප්‍රිය මහතා කීය.
"මේ හැම වාර්තාවකම සඳහන් වන්නේ ඊට පැය 24 කට පෙර වූ මරණ නොවේ. එය වරදක් තමයි. ඒ බව සියලු දෙනා දැනගෙන සිටියා. නොදැන සිටියේ ජනපති ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන් පමණ ද යන්න අපට තිබෙන ප්‍රශ්නයයි. අදාළ වාර්තාව පදනම් කර ගන්නා කාල වකවානුව එහි සඳහන් වෙනවා. එසේ නැතිව පෙරදින වූ මරණ ලෙස වාර්තාවේ සඳහන් වන්නේ නැහැ."යනුවෙන් ද රත්නප්‍රිය මහතා පැවසීය.


