‘ආණ්ඩුවේ පැවැත්මට වැට් බද්ධ සියයට 25 දක්වා වුවත් වැඩිකල හැකියි’


(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුව සැලසුම් කරන බිලියන 1700 ක ආදායම ලබාගැනීම වෙනුවෙන්  ජනවාරියේදී වැට් බද්ද සියයට 25 ක් දක්වා වුවද ඉහළ යා හැකි බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.
රජයට ආදායම් සොයාගැනීමට තිබෙන එකම ක්‍රමය වැට් බද්ද වැඩි කිරීම නොවන බැවින්  ජනතාව ගැන සිතා ආණ්ඩුව වෙනත් ආදායම් මාර්ග පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්  අත්තනායක මහතා කීවේය.
ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන්  ජනතාවගේ සාක්කුවට තට්ටු කිරීම අනුමත කළ නොහැකි බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු  පැවැසීය.