(යොහාන් භාසුර)
අස්වැසුම සුබසාධන වැඩසටහනට අදාල අභියාචනා 982,770 ක් සහ විරෝධතා 62,368 ක් ලෙස මිලියනකය අධික පැමිණිළි ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කර නොමැති අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභින්ට මෙම මාසයේ සිට අදාළ දීමනා ලැබෙන බවත් වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු යන දීමනා ගෙවීමේ වෙනසක් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මතා වැඩි දුරටත් කීය.

