‘අවම බස් ගාස්තුව 20 ක් කළ යුතුයි’


(යොහාන් භාසුර)

අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දැමිය යුතු බවත් සෙසු බස් ගාස්තු සියයට 25 ඉක්මවූ ප්‍රතිශතයකින් වැඩිවිය යුතු බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.

බස්හිමියන් ඩීසල් සහනාධාරයක් ඉල්ලා සිටිය ද රජය බස්හිමියන්ට සොච්චන් බස් ගාස්තු වැඩි වීමක් දීමට සූදානම් වන බව කී අංජන ප්‍රියංජිත් මහතා එම බස් ගාස්තු වැඩිවීම පිළිනොගන්නා බව ද සඳහන් කළේය.

පාන් ගොඩියේ මිල බේකරි හිමියා තීරණය කරනවා නම්, ප්ලේන්ටියේ මිල හෝටල්හිමියා තීරණය කරනවා නම් බස් ගාස්තුව තීරණය කිරීමට රාජ්‍ය අමතිවරයා අයිතියක් නොමැති බවත් ඩීසල් සහනාධාරය ඉල්ලන බස් සමාගම් දෙකට සකච්ඡා සඳහා ආරාධනා නොකරන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

අවම බස්ගාස්තුව රුපියල් 16 දක්වා වැඩි කර සෙසු බස්ගාස්තු සියයට 8 ත් 10 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.