‘අලි -නරි නෑවීමට මම සූදානම් නෑ‘


(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයා හිර කිරීමට ගෙන එන  ව්‍යවස්ථා සංශෝධනවලට තමා සහය නොදෙන  බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධන නොව කුසට  ආහාර බව පැවසූ  හිටපු අමාත්‍යවරයා ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ එක එක්කෙනාගෙ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා මිස වෙනත් දෙයකට නොවන බවද  ප්‍රකාශ කළේය.

ජනතාවගේ දුක නිවීමට සූදානම් නමුත් අලි නැවීමට නරි නෑවීමට  සූදානම් නැතැයිද  හෙතෙම පැවසුවේය.

අලූත් ව්‍යවස්ථාවකින් ජනපතිවරයා  සිරකරුවකුවන්නේ නම්  එවැනි ව්‍යවස්ථාවකට අත ඉස්සීමට සූදානම් නැතැයි  පැවසූ දිසානායක මහතා සර්වපාක්ෂික ආණ්ඩුව  පිහිටුවා ගනු ලැබුවේ  පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට විනා වෙන වෙන විකාර  කිරීමට නොවන බවද  ප්‍රකාශ කළේය.

මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට පහර දෙන අවස්ථාවේදී සහ  කාන්තාවන් බේරේ වැවට  ඇද දැමූ අවස්ථාවේදී  මේ රටේ   ආරක්ෂක අංශ ක්‍රියා කරපු  ආකාරය ගැන  තමාට බරපතළ විවේචනයක් ඇතැයි  විමලවිර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.