(නිමල කොඩිතුවක්කු)
දින 50ක් සපුරන අරගලයේ පණිවුඩයට රජය නොපමාවම කන්දිය යුතුය යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.
ඔවුන් අපේක්ෂා කරන දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් තහවුරු නොකිරීමෙන් රටට යහපත් අනාගතයක් උදාකර ගත නොහැකි බව මුළුමහත් සමාජයම මැනවින් අවබෝධ කරගත යුතුව ඇතැයිද ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"කොළඹ ගෝල්ෆේස් පිටිය පදනම් කරගනිමින් මේ රටේ තරුණ ප්‍රජාව ප්‍රමුඛ සිවිල් ජනතාව ආරම්භ කරන ලද අරගලය මෑත යුගයේ මේ රටේ කිසිදු දේශපාලන හෝ සිවිල් ව්‍යාපාරයකට දිනා ගත නොහැකි වූ කරුණු රැසක් මේ සමාජයට දිනා දී තිබේ.
එමෙන්ම මේ රට තුළ සිදු විය යුතු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් උදෙසා අදට ද ඔවුන් සාර්ථක ලෙස පෙනී සිටිමින් සිටී. ඔවුන් ගත් එම පියවර කෙරෙහි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පාර්ශ්වයන් තම ගෞරවය හා ආචාරය ඔවුන් වෙත පුද දිය යුතුය.
එමෙන්ම ඔවුන්ගේ නිර්ව්‍යාජ හඬට රජය නොපමාවම කන්දිය යුතුය. ඔවුන් අපේක්ෂා කරන දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් තහවුරු නොකර ගනිමින් මේ රටට යහපත් අනාගතයක් උදාකර ගත නොහැකි බව මුළුමහත් සමාජයම මැනවින් අවබෝධ කරගත යුතුව තිබේ.