(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් )
කහතුඩුව මූනමලේ වත්ත ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග හය දෙනෙකු අද (13) දා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුලපන ප්‍රදේශයේ පදිංචි (18 - 68) පසු වන හය දෙනෙකු බවත් ඒ අතර සීයා ආච්චී කෙනෙකු ද සිටින බව පොලිසිය කියයි.
කහ කුඩුව පොලිසියේ නිලධාරී කණ්ඩායමක් අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටියදී මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු ත්‍රීරෝද රථයක් නවතන ලෙසට සංඥා කර තිබේ.
එහෙත් එම ත්‍රිරෝද රථය නොනවත්වා පලායාමත් සමග පසුපස හඹා ගොස් නවතා පරීක්ෂා කිරීමේදී එහි ගමන් ගත් රියදුරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් පහක් සොයාගෙන තිබේ.