‘අයිඑස් ත්‍රස්තයන්ගෙන් වැඩිපුර පීඩා විඳින්නේ මුස්ලිම් ජනතාවයි’


(අංජුල මහික වීරරත්න)
 
අයි.එස්. ත්‍රස්තවාදය නිසා වැඩිපුරම පීඩා විඳින්නේ මුස්ලිම් ප්‍රජාව යැයිද බොහෝදෙනෙකු ඒ කාරණය තේරුම්ගෙන නැතැයිද මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවැසීය.

කතෝලික ප්‍රජාව ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් සමඟ දුක බෙදාහදාගෙන ඉදිරියට යන්නට මුස්ලිම් ප්‍රජාව සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සෑම ජාතියකම අන්තවාදීන් සිටින නමුත් එය ඉතා සුළුතරයක් පමණක් බව කී අමාත්‍ය කබීර් හෂීම් මහතා සුළුතර මතය ගෙන බහුතර මතය මනින්නට එපා යැයි ඉල්ලා සිටින බවද කීය.

කොළඹ පදනම් ආයතනයේ පැවැති මෙම මාධ්‍ය හමුවට හිටපු අමාත්‍ය ඉම්ටියාස් බාකීර් මකාර්, ෆේරියල් අෂ්රොෆ් යන මහත්ම මහත්මීහු ද ජනාධිපති නීතිඥ අලි සබ්රි මවුලානා මහතාද සහභාගී වූහ.

(ඡායාරූප - ගයාන් ලසන්ත)