
(විනීතා එම් ගමගේ)
මැතිවරණ රැස්වීම්වලට අදාල සෞඛ්‍ය නියෝගයන් පිළිබඳව දේශපාලන පක්‍ෂ සහ එකී රැස්වීම් සංවිධානය කරන්නන් කිසිදු අවධානයක් යොමු නොකරන බව මැතිවරණ නිරික්ෂකයන්ගෙන් හා ජනමාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරුවලින් පෙනී යන බව පැෆරල් සංවිධානය කියයි.
මේ වන විට සෞඛ්‍යය අමාත්‍යවරිය විසින් 2020 අංක 1 දරණ 2019 කොරෝනා රෝගය (කොවිඩ්1) ඡන්ද විමසීම් නියෝග) ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති නමුත් ඒවා පිළිබඳ සැළකිල්ලක් නොමැතිවීම අවදානම් සහගත බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ 6 වන වගන්තිය අනුව මෙම නියෝග කඩකරන පුද්ගලයන් වැළැක්වීම සහ රඳවා ගැනීමට පොලිස් නිලධාරියකුට බලය පවතින බවත් දේශපාලන පක්‍ෂ විසින් ප්‍රසිද්ධියේ මෙන්ම පොලිස් නිලධාරින් ඉදිරියේ මෙම නියෝග කඩකිරීම් සිදුකරන නමුත් කිසිම පුද්ගලයකුට එරෙහිව පොලිසිය ක්‍රියාකරන බවක් දක්නට නොලැබෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
ඉදිරියේදී සෞඛ්‍යමය වශයෙන් සිදුවිය හැකි අවදානම මෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සදහා මෙම නියෝග කඩකිරීම් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම තුලින් නියෝග ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් ලිපියක් යැවූ බව ද හෙතෙම සඳහන් කළේය.



