‘අත කොටා’ගේ ඥාතියෙක් තිදෙනෙකුට පහරදීලා


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කර නිවසට යමින් සිටි තිදෙනෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරණියගල නූරියවත්ත ප්‍රදේශයේ සිටි ප්‍රධාන පෙලේ දේශපාලකයකු වූ අත කොටා තැමැත්තාගේ  ඥාතියෙකු හා සමීපතමයෙකු අද (16) සවස සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

අද (16)  දහවල් මෙසේ පහරකෑමට ලක් වූ තිදෙනා දැරණියගල රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසු වූ එක් අයකු කරවනැල්ල මූලික රෝහලට මාරු කර යවා ඇත.

ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 21, 36, හා 66 වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකි.  

අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරනියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු මෙන්ම නූරි වතු අධිකාරී ඝාතන නඩුවේ විත්තකරුවකු ලෙස මරණීය දණ්ඩනයට ලක්ව සිටින අනිල් චම්පික විජේසිංහ නැමැත්තාගේ ඥාතයෙකු වන 17 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු 34 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පැවසීය.  සැකකරුවන් හෙට (17) අවිස්සාවෙල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.