(ඩයනා උදයංගනී)
අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු හා නොමග යවන සුළු ප්‍රකාශ පැතිරවීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

