ෆිටෝන් රූම් එකේ කැමරා සවිකළ වෙළඳසැල් හිම්කරු මාට්ටු


(කේ. බුද්ධික කුමාරසිරි)

තලවතුගොඩ නගරයේ පිහිටි නිමි ඇදුම් වෙළද මධ්‍යස්ථානයක ඇදුම් ඇගලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා එම කාමරය තුළ කාන්තාවන් ඇදුම් මාරු කළ අවස්ථාවන්  වීඩියෝ ගත කළ එම වෙළදසැලෙහි හිමිකරු අද (08) දින අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

එලෙස අත් අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී අදාල කාමරය තුලදී  වීඩියෝ ගත වීඩියෝ දර්ශන 201 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

සැකකරු විසින් එලෙස ලබා ගත් වීඩියෝ අතර කාන්තාවන් තරුණියන් කුඩා දැරිවියන් තම යට ඇදුම් මාරු කරන දර්ශන ඇතුලු  කාන්තාවක් නිවසක නාන කාමරයක ස්නානය කරන දර්ශනයක් ද ඇතුලත් බවද පොලිසිය පවසයි.

සැකකරු විසින් එලෙස ලබා ගත් වීඩියෝ දර්ශන අදාල දුරකතනය මගින් අන්තර්ජාලයට යොමු කර ඇති ද නැතහොත් මෙරට හෝ විදෙස් රටවල වෙබ් අඩවි සදහා විකුණා ඇතිද  යන්න වැඩි දුරටත් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා අදාල කැමරාව සහ ජංගම දුරකතනය අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.