ෆයිසර් මුස්තාපාගේ නම ඇතුළත් ගැසට්ටුව එයි


(සුජිත් හේවාජුලිගේ)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කෙරුණු හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා  මහතා  පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා මුස්‌තාපා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරනු ලැබුවේ එම පක්ෂයේ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය විසිනි.

පසුගිය මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවිය. මින් එක් මන්ත්‍රී ධූරයකට රවී කරුණානායක මහතා පත් කෙරිණි.

කෙසේ වෙතත් මෙම නම් කිරීම් දෙකටම එම පෙරමුණේ හවුල්කාර පක්ෂවල එකඟත්වය ලැබී නොමැති බව වාර්තාවේ.