(ශාන්ත චන්ද්‍රසිරි)
ඩ්‍රෝන කැමරාවක් භාවිතා කරමින් අනවසරයෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානය ඡායාරූප ගත කිරීමේ චෝදනාවට වරද පිළිගත් විදේශිකයන් තිදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 25000 බැගින් රුපියල් 75000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (26) නියෝග කළේය.
මෙසේ වරදකරුවන් වූයේ චීන ජාතිකයන් තිදෙනෙකි.
මෙම විදේශිකයන් තිදෙනා හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ඇතුළුව කිසිවෙකුට නොදැනෙන පරිදි අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් භාවිතා කරමින් ඡායාරූප ගත කරමින් සිටියදි හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබිණි.
ඩ්‍රෝන කැමරාවේ අනන්‍යතාවය තහවුරු කරන තෙක් ඩ්‍රෝන කැමරාව 28 වැනි දින දක්වා රඳවා තබා ගැනීමට මෙහෙදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
හෝර්ටන්තැන්න වනෝද්‍යාන භාරකරු ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් අනුව නියෝජ්‍ය වනෝද්‍යාන භාරකරු පී. පී. දයාරත්න, කේෂ්ත්‍ර සහකාර උපුල් ශාන්ත, රවීන් ලක්මාල් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට තිබිණි.

