
(රංජිත් රාජපක්ෂ)
හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය මාර්ග අද සිට දෙස් විදෙස් සංචාරයකයන් සදහා පමණක් විවෘත වන බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය භාරකාර එම්. එම්. කේ. මොරතැන්න මහතා පැවසීය.
ඔහු සදහාන් කළේ මේ වන විට නුවරඑළිය වැලිමඩ මාර්ගය යථා තත්වයට පත් කර ගමනා ගමනය ආරම්භ වි ඇති නිසා වනජිවි දෙපාර්තමේන්තුවේන් ලැබුණු උපදෙස් මත මෙම පියවර ගත් බව ඒ මහතා කීය.
එම මාර්ගයෙන් ඔහිය සහ වැලිමඩ දක්වා ගමන් කිරිමට අවශ්‍ය අය ඒ සදහා ප්‍රවේශපත්‍රයක් මිලදීගෙන ගමන් කිරිමට හැකි බවද හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය භාරකාරු පැවසීය.

