හෝටලයේ ගෑස් ටැංකිය පහක් රෝහලට යවයි


(අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර මධ්‍යම බස් නැවතුම ආසන්නයේ පිහිටි  බේකරි කෑම නිෂ්පාදන අලෙවිහලක අද පෙරවරුවේ හදිසියේෙ ගෑස් ටැංකියක් පිපිරීමෙන් ඇති වූ ගින්නකින්  කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

දිවයිනේ ප්‍රසිද්ධ  බේකරි නිෂ්පාදන අලෙවිහක මෙම ගින්න ඇති තිබේ. පිපිරීමත් සමග ඇති වූ ගින්නෙන් එම අලෙවි හලට දැඩි හානි සිදුව තිබේ.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.