
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර පොලිස් වසමේ තැන්නකුඹුර ප්‍රදේශයේ හෝටල් කාමරයක නැවතී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන බව කියන උසාවි ගණනාවක වරෙන්තු ඇති යුවළක් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු බලගොල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු බව පවසන පොලිසිය සැකකාරිය කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තැනැත්තියක බව කියයි.
මොවුන් දෙදෙනා එම හෝටලයේ කාලයක් නැවතී සිටිමින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

