හොරණ ඇගලුම් කම්හල් තුනක් වහයි


බිමල් ශ්‍යාමන් ජයසිංහ                       

හොරණ බොරලුගොඩ  ආයෝජන ප්‍රවර්ධන කලාපයේ  කර්මාන්තශාලා පහක  සිදුකළ අහඹු පි සි ආර් පරීක්ෂණවලින් පුද්ගලයන්  19 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට අනාවරණය වීමෙන් පසුව  කර්මාන්ත ශාලා තුනක්  තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ඉංගිරිය  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක  එල් පි එල් ප්‍රියන්ත මහතා පැවසීය .            

දැව ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් ,ප්ලාස්ටික් නූල් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් සහ තේ කොළ සහ පිටි වර්ග පැකට් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඒ අතර වන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා පැවසීය.            

ඉකුත් බදාදා  කර්මාන්තශාලා පහ ආවරණය වන පරිදි  අහඹු පි සි ආර් පරීක්ෂණ 30 ක් අතරින් එම ආසාදිතයන් හමුවේ වී ඇත.                  

ඒ අනුව එම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්  151 දෙනෙකුට පි සි ආර් පරීක්ෂණ සිදු කළ බවත්  එයින් ලැබෙන ප්‍රතිඵල අනුව කර්මාන්තශාලා විවෘත කිරීමේ හැකියාව පිළිබඳ තීරණය කරන බව ප්‍රියන්ත  මහතා වැඩිදුරටත් පැවසීය.