හොරට අස්වැසුම ගත්තොත් දුන්න සල්ලි ආපසු ගන්නවා


(අංජුල මහික වීරරත්න)

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇස්වැසුම දීමනා ලබාගෙන ඇත්නම් එම ප්‍රතිලාභ අත්හිටුවා  ගෙවූ දීමනා නැවත අයකර ගැනීමට නීති පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

හඳුනාගත් ඇස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 20ක් අතරින් ප්‍රතිලාභීන් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති බව මුදල්  රාජ්‍ය අමාත්‍යවරයා කීය .

පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් තැන්පත් කර ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

‘අස්වැසුම’ පිළිබඳ සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සතියේ දිනවල පෙරවරු  9.00 සිට පස්වරු  4.00 දක්වා සිදු කළ හැකි බවත් ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා දීමනා දැනටමත් ගෙවා ඇති බවත් මුදල්  රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය 

ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කීවෙි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවැති මාධ්‍ය හමුවේදීය.