
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විදුලි සැපයුමෙන් හිටපු මහේස්ත්‍රාත්වරයකුගේ බංගලාවට හොරෙන් විදුලිය ද ප්‍රධාන ජල නළයට බටයක් දමා හොරට ජලය ද ලබාගෙන ඇතැයි පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වූ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද(19) ප්‍රකාශ කළේය.
විනිසුරුවරුන්ට මෙවැනි දේවල් කිරීමට බලය දී ඇත්තේ කවුදැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා මෙවැනි දේවල් සාමාන්‍ය පුද්ගලයෙකු කළේ නම් ඔහුට ඇපත් නැති බව ප්‍රකාශ කළේය.
මේ දූෂණ ගැන අධිකරණ සේවා කොමිෂන් සභාව නොසොයන බවද ඔහු කීවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී ය.

