(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් ලබා දී තිබූ මෝටර් රථය යළි බාර දී ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ජනාධිපති හිමිකම් පනත අනුව හේමා ප්‍රේමදාස මහත්මියට ද විශ්‍රාමික ජනාධිපතිවරයකුට රජයෙන් ලබා දෙන හිමිකම් ලබා දී තිබිණි.
ඇයට රජයෙන් ලබා දී තිබූ නිවස විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත කෙරෙන විටත් යළි බාර දී තිබිණි.