(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන 3 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද ( 19) නියෝග කළේ ය.
මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් දුරකථන වාර්තා සහ බැංකු වාර්තා අනුව පාස්කු ප්‍රහාරය ප්‍රහාරයට සම්බන්ධ බවට වු කිසිදු තොරතුරක් අනාවරණය නොවන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව අද ( 19) අධිකරණයට දැනුම් දුන්නේය.

