හේමසිරි - පූජිත්ගේ පෙත්සම් 11 ට සළකා බැලෙයි


(තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ)

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ  හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනු වී ඇති සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම්  අද (12) පෙරවරු 11 ට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලීමට නියමිතය.

පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම  සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත්කර ඇති විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් වනුයේ බුවනෙක අළුවිහාරේ, සිසිර ද අබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙණිය, මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ය.

මෙම පෙත්සම් විභාගයේ දී හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටී.

අවසන් වරට ශ්‍රේෂ්ඨාධිකරණ මෙලෙස සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් කැඳවනු ලැබුවේ ඉකුත් වසරේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහාය.