හොර සල්ලි මුද්‍රණාලයක් සීදූවෙන් අල්ලයි


(තිලකරත්න දිසානායක)

සීදුව ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව කියන දෙදෙනකු ව්‍යාජ මුදල් නෝට්ටු කීපයක් සමග අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශනය කියයි.

සැකකරු කලක් හමුදාවේ සේවයකළ අයකු බවත් පොලිසිය කියයි. සැකකරුවන් වැල්ලම්පිටිය සහ පෙතියාගෙඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මෙම සැකකරුවන් රුපියල් 5000,1000,100 සහ 50 නෝට්ටු ව්‍යාජව මුද්‍රණය කර වෙළෙඳහල්වලට ලබා දී බඩු භාණ්ඩ මිලට ගෙන ඇතැයි ද පොලිසිය කියයි.

උඩුගම්පොළ ගල්පොත්ත ප්‍රදේශයේදී සැක සහිත දෙදෙනකු පරික්ෂා කිරීමේදී ඔවුන්ගේ මුදල් පසුම්බියේ තිබූ අපරාධ විමර්ශන අංශයෙ නිලධාරීන් භාවිත කරන හැඳුණුපතට සමාන හඳුණුපත් දෙකක් හමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී මෙම ජාවාරම හෙළි කර ගත් බව ද ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශනය කියයි.