(රවින්ද්‍ර ලියනගේ)
පොලිස් ඇඳිරි නීතිය තිබියදී මාරවිල පොලිස් වසමේ මරද සහ මාවිල යන ප්‍රදේශවලදී හෙරොයින් මත්කුඩු විකිණිම සඳහා ළඟ තබාගෙන සිටි කාන්තාවක් හා පුද්ගලයෙකු අද (04) රාත්‍රී අත්අඩංගුවට ගත්බව මාරවිල පොලිසිය පැවසීය
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරද ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාත්තාවක් හා මාවිල පදිංචි 19 හැවිරිදි තැනැත්තෙකි.
ඇඳීරි නීතිය ක්‍රියාත්මක පැවැති අවස්ථාවේදී අධික මිලකට හෙරොයින් අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් අනුව වැටලිම් කළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාව සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 200 ක් ද අනිත් සැකකරු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 360 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

