
(විමුක්ති එස් රුද්‍රිගු)
වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025/26 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපාකාර සමිති වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩ පණ ණය යෝජනා ක්‍රමයක් අද සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මේට්‍රික් ටොන් 25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපාකාර සමිති ඉලක්ක කර ගනිමින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන බවද මුදල් අමාත්‍යංශය පැවසුවේය.
ණය ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන සියලුම ඉල්ලුම්කරුවන්ට ව්‍යාපාර ලියාපදිංචි සහතිකය හා වී මණ්ඩලය නිකුත් කරන බලපත්‍රය තිබිය යුතු බවද එම අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සීයට හතක වාර්ෂික පොලී අනුපාතයකට යටත්ව රුපියල් කෝටි පහක් දක්වා ණය මුදලක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවත් එම ණය මුදල මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
ලංකාව බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සණස සංවර්ධන බැංකුව, අමානා බැංකුව, කාගීල්ස් බැංකුව, පෑන් ඒෂියා බැංකුව හා රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා තෝරා ගැන ඇති බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගොවියා වෙනුවෙන් ඔඩපණ ණය යෝජනා ක්‍රමය එයි