හෙරොයින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ 8කට ලක්ෂක දඩයක්


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

හෙරොයින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරදිවලට අදාළව  පුද්ගලයන් 8දෙනෙකුට  රුපියල්  ලක්ෂයක දඩ මුදලක්  ගෙවන  ලෙස  බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා  අද (22) නියෝග කළේය.

බලන්ගොඩ  පින්නවල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්  8දෙනෙකුට මෙලෙස  දඩ නියම  විය. එහිදී  පෙර වැරදි  සමග  හෙරොයින් මත්ද්‍රව්‍ය  සන්තකයේ  තබාගැනීම  හේතුවෙන්  එක්  අයෙකුට රැපියල්  20,000  බැගින්  දෙ⁣දෙනෙකුට   40,000 ක දඩ මුදලක්ද  නියම විය.තවත්   හය දෙනෙකුට  එක්  අයෙකුට රැපියල්  10,000  බැගින්  රුපියල්  60,000 ක දඩ මුදලක්ද  නියම විය.

පින්නවල පොලිස් බල ප්‍රදේශය තුළ කළ මෙහෙයුමකදි හෙරොයින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ මෙම පුද්ගලයන්  පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.