හෙරොයින් ප්‍රවාහනය කළ යුවළක් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක) 

හෙරොයින් කිලෝ  68 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි යුවළක් මාතර  දෙයියන්දර  දෙනගම ප්‍රදේශයේ දී  මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටි 70කට ආසන්න බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් යුවළ අතරින් පිරිමි පුද්ගලයා මීගමුව කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කාන්තාව මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය කියයි.