
(ප්‍රසාද් රුක්මල් )
ඉන්ධන වංචාවක් සම්බන්දයෙන් චෝදනා ලැබූ ඇල්ල ප්‍රාදේශීය සභාවේ සේවකයන් 6 දෙනකුගේ වැඩ තහනම් කර, අනියම් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත් සේවකයන් පස්දෙනකුගෙ වැඩ අවසන් කළ බව ඌව පලාත් අධ්‍යාපන හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවසීය.
මෙසේ වැඩතහනමට ලක්ව ඇත්තේ ඇල්ල ප්‍රාදේශීය සභාවට අනියුක්තව සේවය කළ රියැදුරුන් සිව්දෙනකු සහ ක්ෂේත්‍ර නිළධාරින් දෙදෙනකුගෙ වන අතර අනියම් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත් සේවකයන් පස්දෙනකුගේ සේවය අවසන් කළ බවද හෙතෙම කීය .
දිට්වා සුලි කුණාටුව නිසාවෙන් ඇල්ල ප්‍රාදේශීය සභාවේ සේවා කටයුතු සදහා රියැදුරු බලපත්‍ර හිමි මෙම පිරිස අත්‍යාවශ්‍ය සේවා කටයුතු සදහා බදවා ගෙන ඇති බවත් ඔවුන් විසින් අදාල රථවාහන සදහා ඉන්ධන ලබා ගැනීමේදී ඉකුත් මාස එකහමාරක කාලය තුලදී මෙසේ රුපියල් ලක්ෂ 10 ක පමණ ඉන්ධන වංචාවක් සිදුකළ ඇතිබවට අදාල ඉන්ධන පිරවුම් හල් වල සවිකර ඇති සීසීටිවී කැමරා දර්ශන මත ඌව පළාත් අභ්‍යන්තර විගනන ඒකකයට ලැබුනු තොරතුරු මත පරීක්ෂන කටයුතු සිදු කර අදාල වාර්ත ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා ට ලබාදී ඒ අනුව මෙම තීරණය ගත් බව ද ඌවපලාත් අධ්‍යාපන , පලාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd