ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන තර්ජනවලට බියක් නොදක්වන බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වැන්ඩර් ලින් පවසයි.

ග්‍රීන්ලන්තයේ ආරක්ෂාවට ඉදිරිපත් වන යුරෝපා රටවල් මට්ටු කිරීමට දැඩි තීරුබදු පනවන බවට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කර ඇත. ට්‍රම්ප්ගේ එම තර්ජනවලට තමන් කිසිදු බියක් නොදක්වන බව සභාපති උර්සුලා වැන්ඩර් ලින් පැහැදිලි කර ඇත.