පදවිය රෝහලට කී.මී. විසි පහකි
එහි දුක් විඳින අය ළය උණු වන දුකකි
නැගි පා පැදිය මත කල එහි යා නොහැකි
හෙදියක පමණ නොව නුඹ දිරිමත් මවකි
පද ආරියසේන හඳුවල
(පියදාස සමරවීර)
ඉන්ධන හිඟය අභියෝගයට ලක් කරමින් කිලෝමීටර 20 - 25 ක් පමණ දුර ගෙවා බයිසිකලයෙන් පදවිය මූලික රෝහලට පැමිණි හෙදියක, අහම්බෙන් අපට අද පෙරවරුවේ හමු විය.
පදවි - ශ්‍රී පුර සිට පලුගස්වංගුව, අලිවංගුව, ඩී 10 මෛත්‍රීපුර, සී යාය., ඒ යාය පසුකරමින් කිලෝමීටර 20 -25 ක් පමණ දුර ගෙවා පා පැදියෙන් පැමිණී මෙම "අප්සරා" නම් තරුණ හෙදියකි.
තරුණ එක් දරු මෙම හෙදිය මාධ්‍යට පෙනී සිටීමට යම් අකැමැත්තක් දැක්වූවාය. කෙසේ වෙතත් ඇයගෙන් කරුණු විමසීමේදී ප්‍රකාශ කළේෙ වෙනදා යතුරු පැදියෙන් පැමිණියද පෙට්‍ල්උග්‍ර හිගය නිසා බයිසිකලයෙන් වැඩට අද සිට ආරම්භ කළ බවයි.
මේ සම්බන්ධව අප පදවිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරියගෙන් විමසීමේ දී කියා සිටියේ තම ආයතනයේ හෙදියන්, වෛද්‍යරු ඇතූලු සියලු කාර්ය මණ්ඩලය දෑඩි අපහසුතාවට පත්ව ඇති බවයි.