(සිරංගිකා ලොකුකරවිට)
සැමට හෙද උපාධියත් හෙද සේවය දීප ව්‍යාප්ත සේවාවක් කිරීමත් ඇතුළු ඉල්ලීම් රැසක් ලබාදෙන ලෙස රජයට බල කරමින් දිවයින පුරා හෙද හෙදියෝ අද (25) විරෝධතාවයක නිරත වෙති.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසන්නේ සියලුම හෙද හෙදියන් කළුපටි පැළඳගෙන සේවාවන්හි යෙදෙන බවයි. 26,27 දින දෙකෙහි ඔවුන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද එම සංගමයේ කරාපිටිය ශාඛාවේ සභාපති රනිල් මල්ලියාවඩු මහතා පවසයි.
හෙද හෙදියන්ට පෞද්ගලික ආයතන වලට මුදල් ගෙවා උපාධි ලබා ගැනීමට සිදුවී ඇති බව ද 2006/6 චක්‍රලේඛයට මගින් හෙද හෙදියන්ගේ මාණ්ඩලික තත්ත්වය නැතිවීම ඇතුළු අසාධාරනකම් විශාල ප්‍රමාණයක් සිදුවූ බවද ඔහු වැඩිදුරටත් පවසයි.
මීට අමතරව සියලුම හෙද විදුහල් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලෙස ද තම සංගමය රජයෙන් ඉල්ලා ඇති බව ද මල්ලියාවඩු මහතා සඳහන් කරයි.
හෙට සහ අනිද්දා දින දෙකෙහි රෝහල්වල අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන බවද පිළිකා හා ළමා වාට්ටු ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා නිල ඇඳුම් රහිතව සේවයේ යෙදෙන බවද සඳහන් වේ. දෛනික සායන, බාහිර රෝගී අංශය හා සැත්කම් ඇතුළු රෝහල්වල සාමාන්‍ය කටයුතු සඳහා හෙද හෙදියන් සහභාගී නොවන බවද මල්ලියාවඩු මහතා පවසයි.

