හෙද නිලධාරීන් ආපහු කසය අතට ගන්න යයි


(අංජුල මහික වීරරත්න)

කෝවිඩ් දීමනා සහ සහන කප්පාදුව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් නොලැබීම නිසා හෙට (27)වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

 හෙද නිලධාරීන් හෙට(27) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත් වී විරෝධතා සහ උද්ඝෝෂණ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

කොරෝනා මර්දනය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට නිසි පහසුකම් ලබා නොදීම ,කොවිඩ්  වසංගතය අවසන් වනතුරු රුපියල් 7500 දීමනාව අඛණ්ඩව ලබා නොදීම ,අතිකාල නිවාඩු ගෙවීම් සීමාවන් ඉවත් නොකිරීම ඇතුළු කරුණු අටක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.