
(සුජිත් හේවාජුලිගේ)
මුස්ලිම් හෙද නිලධාරිනියන්ට රජයේ රෝහල්වල රාජකාරී කිරීමේදී සිය නිල ඇඳුම වෙනුවට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට රජය ලබාදී ඇති අවසරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විරෝධය පළ කර ඇත
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරන්නේ රජයේ රෝහල්වල හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම ප්‍රමිතියක් මත ජාත්‍යන්තර පිළිගැනීම අනු්ව නිර්මාණය කරන ලද්දක් බවයි.
කාගේ හෝ ඉල්ලීමකට සවන් දීමෙන් මෙම නිල ඇඳුම වෙනස් කිරීමට කටයුතු කරන්නේ නම්, සංගමයක් වශයෙන් ඊට විරෝධය පාමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවනු අැතැයි උන්වහන්සේ සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත

