(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (21) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් විදුලි කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප කලාප 20 ට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.