
(නිමල කොඩිතුවක්කු)
රට තුළ සිදුවන වන සංහාරයට එරෙහිව ‘‘හුස්ම ගන්න ඉඩ දෙන්න’’ තේමාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, සිවිල් සංවිධාන නියෝජිතයි, ආදිවාසීන් ඇතුළු පිරිසක් විහාරමහාදේවී උද්‍යානය අබියසදී අද(23) පස්වරුවේ විරෝධතාවයක පවත්වති.
සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙම විරෝධතාවය විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව සිදුකෙරිණ.
වහාරමහාදේවී උද්‍යානයේ බුදුපිලිමය ඉදිරිපිටිට රැුස්වූ පිරිස විරෝධතා පුවරු ප‍්‍රදර්ශණය කරමින් සටන් පාඨ කියමින් නැටුම් ගැයුම් හා සංගීත භාන්ඩ වාදනය කරමින් නෙලූම් පොකුණ දෙසට පාගමනින් පැමිණ විරෝධතාවයේ නිරත විය.
කිරි කොරහ සංස්කෘතික අංගයක්ද විරෝධතාවය අතරතුර ආදී වාසී ජනතාව ඉදිරිපත් කරනු ලැබීය.
‘‘පරිසරය’’ යනුවෙන් සඳහන් කළ මිනීපෙට්ටියක්ද විරෝධතාකරුවන් පා ගමනින් රැගෙන ගියේය.
(ඡායාරූප ශාන්ත රත්නායක)







