හීනකන්දේ සුන්දර වන අලිය විදුලි සැර වැදී


(කුෂාන් ජයවර්ධන)

මැදවච්චිය හීනකන්ද  පළාත සුන්දර කළ වන අලියකු විදුලි සැර වද්දවා මරා දමා ඇතැයි කහටගස්දිගිලිය වන සත්ව අඩවි කාර්යාලය කියයි.

මැදවච්චිය හීනකන්ද ප්‍රදේශයේ වගා බිමක තිබීයදී වන අලියාගේ සිරුර සොයාගෙන ඇත.

අදාළ වගා බිම වටා ඉදිකර තිබූ අනවසර විදුලි වැටක ගැටීමෙන්  වන අලියා මෙලෙස මිය ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති වන අලියා වයස අවුරුදු 25ක් පමණ වන එකෙකු බවට අනුමාන කෙරේ. වගා බිමේ ඉදිකර තිබූ එම අනවසර විදුලිවැටෙන් සිදුව ඇති විදුලි සැර වැදීමෙන් එම අලියා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ද වනජීවී නිලධාරීහු පවසති.

මෙම වන අලියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අදාල වගබිම වටා අනවසර විදුලි වැට ඉදිකළ බව කියන පුද්ගලයකු වනජීවී නිලධාරීන් විසින් මේ වනවිට සැකපිට ප්‍රන කිරීම සදහා අත්අඩංගුවට  තිබේ.