(ඉන්දිකා රාමනායක)
හංවැල්ල නවාතැන් පොළකදී ඝාතනයට ලක්ව හිස නොමැති සිරුර වේල්ල වීදිය ප්‍රදේශයට දමා ගොස් තිබියදී සොයාගත් තරුණියගේ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ 30 හැවිරිදි තරුණියකගේ බවට ඩීඑන්ඒ පරීක්ෂණයේ දී තහවුරු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම තරුණියගේ තරුණියගේ මවගේ සහ සොහොයුරාගෙන් ලබාගත් ජෛව සාම්පල සැසඳෙන බවට රජයේ අතිරේක රස පරීක්ෂක ඩී.එච්.එල් ජයමාන්න මහතා මේ බව සඳහන් කර ඇතැයි අජිත් රෝහණ මහතා කියා.
මෙම තරුණිය කුරුවිට තෙප්පනාව පදිංචිකාරියක් බවට තොරතුරු ලැබුණ ද ඒ බව නිසැක වශයෙන්ම තහවුරු කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා විසින් එම තරුණියගේ මව සහ සොහොයුරාගේ ජෛව සම්පල් ලබාගත් බවද පොලිස් මාධ්‍ය ලබා ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .
ඒ අනුව මෙම තරුණියගෙ සහ ඇගේ මවගේ සොහොයුරා ගේ ඩී.එන්ඒ සාම්පල සැසඳෙන බවට නිසැක වශයෙන්ම තහවුරු කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

