හිස තෙල් ගාන්න තෝරා ගත් අවුරුදු 153 ත් වයස අමුත්තා


දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පැරණිතම සාමාජිකයා ලෙස සැලකෙන අවුරුදු 153 ක් වයසැති යෝධ ඉබ්බා, අප්‍රේල් 16 වැනි දින පෙ.ව. 9:04 ට යෙදෙන හිස තෙල් ගැමේ චාරිත්‍රයට තෝරා ගෙන ඇතැයි සත්වෝද්‍යානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පවසයි.

එදින දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන්ට මෙම අවස්ථාව නැරඹීමට හැකි බව ද ඇය වැඩිදුරටත් පැහැදිලි කරයි. එදිනට කිලෝග්‍රෑම් 400කට අධික බරකින් යුත් මෙම ඉබ්බා සත්වෝද්‍යානයේ ප්‍රධාන ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊට අමතරව, අලි ඇතුන්, සීබ්‍රාවන්, හිපෝපොටේමස්, සිම්බා නමැති සිංහ පැටවා, මුවන් සහ කුරුළු විශේෂ කිහිපයක් ද හිස තෙල් ගෑම සඳහා යොදා ගැනීමට නියමිත බව ද පැවැසෙයි.
මෙම යෝධ ඉබ්බා සත්වෝද්‍යානයට ලැබී ඇත්තේ 1930 වසරේදීය.

(ඩේලි මිරර්)