
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
හිසේ තුවාල සහිතව මරණයට පත් වූ තරුණයකුගේ සිරුරක් මීරිගම විජය රජදහන සහ මීරිගම දුම්රිය ස්ථාන අතර තිලිණගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී අද (27) සොයා ගත් බව මීරිගම පොලීසිය පවසයි .
මෙසේ මිය ගොස් ඇත්තේ මීරිගම , විල්වත්ත බෝගහහේන පාර , පදිංචි ව සිටි ක්‍රීඩා අමාත්‍යාංයෙ කාර්‍යාල කාර්‍ය සහයකයෙකු ලෙස සේවය කළ චන්දිම ලක්මාල් පෙරේරා නැමැති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
මියගිය තරුණයා ඊයේ( 26 ) දහවල් දානමය පින්කමකට සහභාගි වී ඇති බවත් පස්වරුවේ සිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු බවත් ඔහුගේ පියා පැවසූ බව පොලිසිය සඳහන් කරයි.
මියගිය අය කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් පමණක් ඇඳ සිට ඇත. රාත්‍රී කාලයේ ඔහු ගමන් කළ ස්ථානයක් පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැතැයි පොලිසිය කියයි .
මියගිය තරුණයාගේ මළ සිරුර හමු වී තිබුණේ ඔහු පදිංචිව සිටි නිවසේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරිනි.


