
(පුෂ්පකුමාර ජයරත්න)
ගනේවත්ත අධ්‍යාපන කොට්ඨාසයට අයත් හිරිපිටිය ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට වැළඳී ඇති චර්මගත රෝගයක් හේතුවෙන් එම පාසල දින කීපයකට වසා දමා ඇති බව වාර්තාවේ.
සිසු සිසුවියන් තුන්සීයකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන මෙම විදුහලේ සිසුන් කීප දෙදෙනකුට ඇතිවී තිබෙන සම මතුපිට කැසීමක් සමඟ පළු දැමීමේ රෝගී තත්ත්වයක් පසුව සිසු සිසුවියන් පහළොස් දෙනෙකුට පමණ බෝවී ඇති බව කියයි.
එක්වරම ඇතිවූ බව කියන මෙම රෝගී තත්ත්වයට හේතුව අනාවරණය වී නැති අතර රෝගය අනෙකුත් සිසුන් අතරද පැතිර යාමෙන් වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන බලධාරීන්ගේ උපදෙස් අනුව තාවකාලිකව ප්‍රාථමික විදුහල වසා දැමීමට පියවර ගෙන තිබේ.
රෝගීවූ සිසුන් ප්‍රතිකාර සඳහා හිරිපිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබූ අතර ඔවුන්ට බරපතළ රෝගී තත්ත්වයක් නොමැති බව පැවසේ.

