හිම කුණාටුවට මැදිවුණු දැරියක් පැය 18කට පසු ‌බේරාගනී


පාකිස්ථාන‌යේ කාෂ්මීර පාලන ප්‍රදේශයේ ඇතිවූ හිම කුණාටු‌වෙන් කඩාවැටුණු නිවසක සුන්බුන් වලට යටවුණු 12 හැවිරිදි දැරියක පැය 18කට පසු සොයා ගත් බව වාර්තා ‌වේ.

සමීනා බිබී ‌බේරාගනු ලැබූයේ ‌දේශසීමාව අසළ පිහිටි නීලම් නිම්නයේ බක්වාලි ගමෙනි.

බේරාගත් දැරිය පකිස්ථානයේ මුසෆරාබාද් හි ‌රෝහලකට ‌ගෙන‌ගොස් තිබේ.

හිම තට්ටුවලට යටවුණු නිවසේ කාමරයක සිරවී සිටියදී සමීනා ‌බේරාගනු ලැබිණි. එහිදී සමීනා උපකාර ඉල්ලා කෑගසා ඇතැයි පැව‌සේ.

පකිස්ථානය හා ඉන්දියාව අතර මතභේදයට තුඩුදී ඇති කාෂ්මීර කලාපයේ පසුගිය සඳුදා ඇතිවූ හිම කුණාටු ‌හේතුවෙන් මියගිය අංඛ්‍යාව 74ක් දක්වා ඉහළ ‌ගොස් තිබේ.

සමීනාගේ ‌සොහොයු‌රෙකු සහ ‌සොහොයුරියක ද හිම කඳු කඩා වැටීමෙන් මියගිය අතර සමීනාගේ දිවි ගලවා ගැනීම හාස්කමකින් සිදුවූවක් බව ඇගේ මව පවසා ඇත.

(‌‌රොයිටර් පුවත් ඇසුරිණි - 085)