හිටපු සභාපති පොලිසියට කඩා වැදි යකා නටලා


 

(     හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහ රෑ තම වාහනයෙන් ආණමඩුව පොලිසියට කඩා වැදි පොලිසියට චණ්ඩි පාට් දමමින් අශෝබන ලෙස හැසිරුණ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදාර මධුශංඛ පෙරේරා මහතා ආණමඩුව පොලිසිය මගීන් අද ( 16 ) අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන (ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ) පොහොට්ටුව උදාර මධුශංඛ පෙරේරා නැමති අයකු බව කියයි.

හිටපු සභාපතිවරයා මධ්‍යම රාත්‍රියේ තම මෝටර් රථයෙන් ආණමඩුව පොලිස්ථානයට කඩා වැදි එහි දි මෝටර් රථය අධික ශබ්දයෙන් පන ගන්වමින් අශෝබන ලෙස හැසිරි ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සදහා ගිය පොලිස් නිළධාරීයකුටද අශෝබන ආකාරයෙන් බැන වැදි ඇති බව කියයි.

එහිදි අදාල තැනැත්තාගේ ක්‍රියා කලාපයත් අධික ලෙස බිමත්ව සිටිමත් යන කරුණු මත ඔහුව අත් අඩංගුවට ගැනිමට ආණමඩුව පොලිසිය කටයුතු කර තිබු බව කියයි.

අත් අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා මේ වන විටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ආණමඩුව ආසනයේ සංවිධායක ලෙස   ක්‍රියාකාරි දේශපාලන චරිතයකි.